Saturday, July 2, 2016

මායා මන්දිරය

  මායා මන්දිරය මුහුණු පොතේ ලියැවුනු මගේ අලුත්ම මාරක කතාව ඔබ වෙනුවෙන් බ්ලොග්   අවකාශය ට මුදාහරින්න තීරණය කලා.ඔබේ ප්‍රතිචාරය මට ලැබෙනවානම් ධෛර්යයක් වනු ඇත.ස්තුතියි
             -නදීෂ නිර්මාණ හේරත්

Saturday, September 15, 2012

අන්ධකාරයේ මිනිස්සු 01 කොටස













අන්ධකාරය අතරින් සෙලවෙමින් පසෙවනැලි එකින් එක
වේගවත් වෙමින් තිබින.හීන් මේඝ වලාව අතරින් ඇසුනු හඩ කන්
බිහිරි කරවන සුලු ය.කන්නාඩි මේසය මත සුළග ට ලෙළෙන ඉටි පන්
දම් එළිය මුරණ්ඩුවෙන් සයනය දෙස බලා සිටී.රත් පැහැගත් එහි ඇද ඇතිරිල්ල මත වැතිර සිටි සාරා කික්... හඩින් විවර වු ඉදිරිපස ද්වාරයේ හඩට කන් දුන්නේය.

  ඒ ඔයා ද මෙනුක .....කරුණාකරලා මේ පැත්තට එනකොට ඔය දොර හොදට වහගෙන එන්න.ඊයෙ ත් ඒක අගුඵ දාලා තිබුනෙ නෑ හරියට

        ඇය ඊට උත්තරයක් බලාපොරොත්තු වුවද
ඇසුණේ ඇරුනු දොරෙන් නිවස තුළ ට ගලා ආ
මාරුතයේ හඩ පමණකි.

ඔ....හ්  මම දන්නවා ඒ ඔයා කියලා.අද වගේ දවසක පිරිමි ගොඩක් හිතනව ගැහැනියව පුදුම කරන්න තමන්ගෙ.....

 මෙනුකගේ වදන් වෙනුවට ගලා ආවෙ සිනහවකි.ඇය ට එය දැනුනේ බියකරු බවකි.
ඉටිපන්දම් එළියෙන් සාරා ගේ තුරුණු ළැම දුහුල් රෑ ඇදුමෙන් එළිය ට පැනීමට මෙන් බලා සිටී.අතගිලි හිස කෙස් වෙත යැවූ ඈ සයනයෙන් බැස ගත්තේ නිරාවරණ වූ සදුන් වන් කලවා වසාදමමිනි.

   මෙනුක...දැන් ඔය ඇති ඈ අඩ ආලොකයේ
බිත්තිය අතගා විදුලි පහන් බොත්තම  තද කලද
පහන නොදැල්වුනු නිසා හිත ට සියුම‍ි නොසන්සුන් බවක් දැනෙන්න ට විය.එක්වරම ආ අතක් ඈව අල්ලා ගත්තෙන්
 
 හෑහ්හ්.........ගා සාරා ඔහුගේ පපුවට එබුනේය.

  ඔයා හරි නරකයි මෙනු....මාව හොදට ම බය කලා

 නෑ තම ආදරවන්තයාගේ හඩ වෙනදාට වැඩියෙන් ගොරෝසු බවක් ඔ හට දැනුනද ඒ අත් තම ඇදුමේ කරපටි ලිහිල් කරත්දී දැහැන් ගත වූවාය.එහෙත් ඔහුගේ දෙතොල් වල කර්කශ බව නිසාම ඈ ලෙලෙන ඉරියව් අතරින් මෙනුකගේ
මුහුණ දෙස බැලුවාය.

මගෙ දෙයියනේ........!


     ඇත්තටම ඒ මෙනුක ද?ඊලගට මොකද වෙන්නෙ....