
අන්ධකාරය
අතරින් සෙලවෙමින් පසෙවනැලි එකින් එක
වේගවත් වෙමින්
තිබින.හීන් මේඝ වලාව අතරින් ඇසුනු හඩ කන්
බිහිරි කරවන
සුලු ය.කන්නාඩි මේසය මත සුළග ට ලෙළෙන ඉටි පන්
දම් එළිය
මුරණ්ඩුවෙන් සයනය දෙස බලා සිටී.රත් පැහැගත් එහි ඇද ඇතිරිල්ල මත වැතිර සිටි සාරා “කික්...” හඩින් විවර වු
ඉදිරිපස ද්වාරයේ හඩට කන් දුන්නේය.
“ඒ ඔයා ද මෙනුක .....කරුණාකරලා මේ පැත්තට එනකොට ඔය දොර
හොදට වහගෙන එන්න.ඊයෙ ත් ඒක අගුඵ දාලා තිබුනෙ නෑ හරියට”
ඇය ඊට උත්තරයක් බලාපොරොත්තු වුවද
ඇසුණේ ඇරුනු
දොරෙන් නිවස තුළ ට ගලා ආ
මාරුතයේ හඩ
පමණකි.
“ඔ....හ් මම දන්නවා ඒ ඔයා කියලා.අද වගේ දවසක පිරිමි
ගොඩක් හිතනව ගැහැනියව පුදුම කරන්න තමන්ගෙ.....”
මෙනුකගේ වදන් වෙනුවට ගලා ආවෙ සිනහවකි.ඇය ට එය
දැනුනේ බියකරු බවකි.
ඉටිපන්දම්
එළියෙන් සාරා ගේ තුරුණු ළැම දුහුල් රෑ ඇදුමෙන් එළිය ට පැනීමට මෙන් බලා සිටී.අතගිලි
හිස කෙස් වෙත යැවූ ඈ සයනයෙන් බැස ගත්තේ නිරාවරණ වූ සදුන් වන් කලවා වසාදමමිනි.
“මෙනුක...දැන් ඔය ඇති” ඈ අඩ ආලොකයේ
බිත්තිය අතගා
විදුලි පහන් බොත්තම තද කලද
පහන නොදැල්වුනු
නිසා හිත ට සියුමි නොසන්සුන් බවක් දැනෙන්න ට විය.එක්වරම ආ අතක් ඈව අල්ලා ගත්තෙන්
“හෑහ්හ්.........” ගා සාරා ඔහුගේ පපුවට එබුනේය.
“ඔයා හරි නරකයි මෙනු....මාව හොදට ම බය කලා”
“නෑ” තම ආදරවන්තයාගේ හඩ වෙනදාට වැඩියෙන් ගොරෝසු බවක් ඔ හට දැනුනද ඒ අත් තම
ඇදුමේ කරපටි ලිහිල් කරත්දී දැහැන් ගත වූවාය.එහෙත් ඔහුගේ දෙතොල් වල කර්කශ බව නිසාම
ඈ ලෙලෙන ඉරියව් අතරින් මෙනුකගේ
මුහුණ දෙස
බැලුවාය.
“මගෙ
දෙයියනේ........!”
ඇත්තටම ඒ මෙනුක ද?ඊලගට මොකද වෙන්නෙ....
No comments:
Post a Comment